ඊයේ (24) දින අළුයම මාන්කුලම් පොලිස් වසමේ පනිච්චම්කුලම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි අඹුසැමි යුවලකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
බරපතල තුවාල ලබා මාන්කුලම් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දෙදෙනාම මියගොස් ඇති බවට මාන්කුලම් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකාරිය අවුරුදු 68 ක් හා මරණකරු අවුරුදු 70 ක් වූ පනිච්චම්කුලම, මාන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාන්කුලම් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
