පසුගිය 21 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේ කහව හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (24) දින උදෑසන බටපොල පොලිස් වසමේදී මීටියාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 19 හා 22 වයස්වල පසුවන අළුත්වල හා මීටියාගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
මෙම සැකකරුවන් අපරාධය සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු හා වෙඩික්කරු වශයෙන් ක්‍රියා කළ සැකකරුවන් බවට අනාවරණය වී ඇති අතර වෙඩි තැබීම සඳහා යොදා ගත් පිස්තෝල අවිය, එම ජීව පතරොම් 10ක්, සැකකරුවන් පැමිණි යතුරුපැදිය හා ඔවුන් පැළඳ සිටි ආරක්ෂිත හිස්වැසුම් 02ක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
