තිරප්පනේ පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ ගල්කුලම ප්‍රදේශයේදී අද (07) අලුයම නිකවැරටිය සිට අනුරාධපුර දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් එම බස් රථයේ ගමන් කළ පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය සඳහන් කරන්නේ.
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තිරප්පනේ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
