මාස නවයක සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසර හිමියන්ට එරෙහි නඩුකරය පෙබරවාරි මස 25 වන දා යළි කැඳවන දෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
උන්වහන්සේගේ නීතිඥවරයා සඳහන් කළේ මෙම සිර දඬුවමට එරෙහිව සේවා දායක හිමියන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් එහි තීරණය ලැබෙන තෙක් මෙම දඩුවම් ක්‍රියාත්මක කිරීම කල් තබන ලෙසයි.
ඉන් අනතුරුව මෙම නඩුකරය පෙබරවාරි මස 25 වනදා කැඳවන ලෙස අධිකරණය නියම කළා.
