අයිස්, කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

අම්බලන්ගොඩ, කුළීගොඩ ප්‍රදේශයේදී ඊයේ (12) දින සවස අයිස් මත්ද්‍රව්‍ය සහ කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 140 ක්, කුෂ් ග්‍රෑම් 510ක්, මත්ද්‍රව්‍ය කිරා මැන බැලීම සඳහා යොදාගත් තරාදියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සැකකරු අවුරුදු 32 ක් වන කුළීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.