තායිලන්තයේදී වැඩ පෙන්වූ අපේ මලල ශූරයෝ

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් තුනක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ සමත් වුණා.

ඒ, මීටර 5000 පිරිමි, මීටර 800 කාන්තා සහ පිරිමි යන ධාවන ඉසව්වලින්.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට මේ දක්වා රන් පදක්කම් 06ක්, රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කමක් හිමිව තිබෙනවා.

මීටර 5,000 පිරිමි ධාවනය ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත්තේ, ශ්‍රී ලංකාව නි‍යෝජනය කළ වික්නරාජ් වොක්ෂන්.

ඔහු සිය තරග ඉසව්ව මිනිත්තු 14 යි තත්පර 4.56 ක කාලයකින් අවසන් කිරීමට සමත් වුණා.

මීට පෙර මීටර 1,500 ඉසව්වෙන් ද ඔහු ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමි කරදී තිබෙනවා.

මීටර 800 පිරිමි ධාවන ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමට සමත් වූයේ, රුසිරු චතුරංගයි.

ඔහු මිනින්තුවයි, තත්පර 50.01ක කාලසීමාවකින් සිය ඉසව්ව නිම කළා.

මීටර 1500 තරග ඉසව්වේද රන් පදක්කම් ලාභියා වන්නේ, රුසිරු චතුරංග.

මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට නිමාලි ලියනාරච්චි සමත් වුණා.

ඒ, මිනිත්තු දෙකයි, තත්පර 10.46කින් තරගය අවසන් කරමින්.

අයෝමාල් අකලංක මීටර 400 කඩුලු මතින් දිවීමේ පිරිමි ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකරගත්තේ තරගය තත්පර 50.75කින් නිමා කරමින්.