2026 යොවුන් ඔලිම්පික් ක්රීඩා උලෙළේදී මීටර 1500 පිරිමි ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකා මලල ක්රීඩක ලහිරු අචින්ත සමත් වුණා.
යොවුන් ඔලිම්පික් ක්රීඩා උලෙළකදී ශ්රී ලංකා ක්රීඩකයෙකු ලබා ගත් ඉහළතම ජයග්රහණය ද මෙයයි.
4 වැනි යොවුන් ඔලිම්පික් උලෙළ සෙනගල්හි ඩකාර් නගරයේදී පැවැත්වෙනවා.
ලහිරු අචින්ත මෙම තරගාවලියේදී මීටර 1500 ධාවන ඉසව්ව මිනිත්තු 3 යි තත්පර 59 යි දශම බින්දුවයි 8 කින් නිමකරමින් දෙවන ස්ථානය හිමිකරගත්තා.
එය මෙම තරගාවලියේ ශ්රී ලංකාව ලබාගත් පළමු ජයග්රහණයයි. මෙම තරග ඉසව්වේ රන් පදක්කම ඉතියෝපියානු මලල ක්රීඩක සෙබ්ලෙගා වබි දිනා ගත්තා.
ඒ, මිනිත්තු 3 යි තත්පර 58 යි දශම 7 යි 3 ක කාලයකින් තරගය නිම කරමින්.
එය ඔහුගේ හොඳම පෞද්ගලික දක්ෂතාවයයි.
තෙවැනි ස්ථානය ස්පාඤ්ඤ ක්රීඩක සන්ගිල ඇලෙක්ස් දිනා ගත්තේ, මිනිත්තු 3 යි තත්පර 59 යි දශම 7 යි බින්දුවක කාලයකින් තරගය නිම කරමින්.
