අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, ආනයනික හාල්මැස්සන් සඳහා කිලෝග්රෑමයකට පනවා තිබූ රුපියල් 100ක බදු මුදල රුපියල් 10 දක්වා ද, උම්බලකට සඳහා කිලෝග්රෑමයකට පනවා තිබූ රුපියල් 202 බදු රුපියල් 10 දක්වාද අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මීට අමතරව, කුඩු කළ සහ කුඩු නොකළ වියළි මිරිස් සඳහා පනවා තිබූ කිලෝග්‍රෑමයට වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දද රුපියල් 50 දක්වා අඩු කිරීමටද පියවර ගෙන තිබෙනවා.
ඊයේ (12) අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර සිටියේ අද (13) සිට මෙම බදු අඩු කිරීම බලාත්මක වන බවයි.
එම නිවේදනය පහතින්,
