ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින ‘ගැඹුරු පීඩන අවපාතය’ අද (16) දින උදෑසන 08.30 වන විට ත්‍රිකුණාමලය සිට කි.මී. 645 ක් පමණ දුරින් ස්ථානගත වී තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
තවදුරටත් මෙම පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින්, අද දින සවස් කාලයේදී දකුණු සහ යාබද බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ‘සුළි කුණාටුවක්’ දක්වාත්, නොවැම්බර් 17 දින වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ‘ප්‍රබල සුළි කුණාටුවක්’ දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
ඌව පළාතෙත් අම්පාර දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
