ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් – ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නෑ

ඉන්දුනීසියාවේ මලුකු (Maluku) පළාතට ආසන්න බණ්ඩා මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපක 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගෙන තිබෙනවා.

මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

තවද මෙම නිවේදනය අදාළ ජාතික සහ අන්තර් ජාතික ආයතන සමඟ එකඟත්වයෙන් නිකුත් කරන ලද බවද එම නිවේදනයේ සඳහන්.