දුන්හිද බස් අනතුරේ නිත්‍ය රියදුරා අත්අඩංගුවට

බදුල්ල මහියංගණය  ප්‍රධාන මාර්ගයේ දුන්හිද තිඹිරිගස්පිටිය  4 කනුව ප්‍රදේශයේදි ඉකුත් 21 වනදා සිදුවූ මාරක බස් අනතුර සම්බන්ධයෙන් එම බස් රථයේ නිත්‍යා රියදුරාවන සරත් වීරරත්න (42) නමැත්තා  එම අනතුරට අනුබල‍දීමේ චෝදනාව යටතේ  අද 26 දින අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පැවසීය.

අනුරාධපුර තලාව කුඹුක්ගහ වැව ලිපිනයේ පදිංචි මෙම  පුද්ගලයාද තුවාල ලබා බදුල්ල ශික්ෂන රෝහලට ඇතුලත් කිරීමෙන් පසු සුවය ලැබීමෙන්  පසු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු 26 දා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කිරීමට  නියමිතව තිබිණ.

තමා බස්රථය මුතියංගන රථ ගාලේ නතර කර බසයේ  යතුර  යතුරුකවුළුයේ තිබියදීම බැසගොස් ආපන ශාලාවකින් තේ  පානය කළ බවත් නැවත එනවිට  අනතුර සිදුකල රියදුරා එම බසය පනගන්වා  වෙනත් බසයකට ඉඩ ලබාදෙමින් සිටි බවත් මෙම නිත්‍ය රියදුරා  තම ප්‍රකාශයේ සටන් කර ඇති බව පොලිසිය  පැවසීය.

අනුරාධපුර ඩිපෝවේ කොන්දොස්තර වරයෙක් වන ඔහුට බස්ධාවනය සදහා රියදුරු බලපතක් තිබූ බවත් ඉන්පසු බස්රථය බදුල්ලේ සිට ඔහු විසින්ම පදවාගෙන යද්දී මේ අනතුර සිදුවූ බවත් නිත්‍ය රියදුරා ගේ ප්‍රකාශයේ සදහන්ව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ  බසය පැදවූ තඹුත්තේගම පහළ ගම පදිංචි ලාලිත සිතාරනාත් රත්නායක නමැත්තා බදුල්ල පොලිසිය විසින් මීට පෙර  අත්අඩංගුවට  ගැනීමෙන් පසු  බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් සිල්වා මහතාගේ  මහතාගේ නියෝගය මත ජුලි මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරතිබේ.

මේ අතර මෙම අනතුරින් තුවාල බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබූ තුවාල කරුවන්  33 ගෙන් 26 වනදා වන විට රෝහලේ තව දුරටත් ප්‍රතිකාර ලබන්නේ අට දෙනෙකු පමණක් බව බදුල්ල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ  වෛද්‍ය‍ හේමන්ත ද සිල්වා මහතා පැවසීය  

. පිරිමි පුද්ගලයන් තුන්දෙනක් , කාන්තාවන් හතර දෙනෙක් සහ හත් හැවිරිදි පිරිමි ළමයෙක් මෙසේ තව දුරටත් බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.