වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදී දිවයිනේ විවිධ ප්රදේශවල නවතා තිබූ යතුරු පැදි සූක්ෂම ලෙස සොරකම් කරන ජාවාරමක් වටලා තිබෙනවා.
වැටලීමේදී එලෙස සොරාගත් යතුරු පැදි දෙකක් සමගින් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකරු දීර්ඝ කාලයක සිට මෙම සොරකමේ නිරත වී ඇති බවට මූලික විමර්ශන වලින් අනාවරණය වී ඇත.
සැකකරු ලුණුගම්වෙහෙර ප්රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර සැකකරුට මෙම සොරකම් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාගවලට සම්බන්ධ අයෙක් බවද පොලිසිය පවසනවා.
සැකකරු වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.
