පුරාවස්තු සොයන්න ගිය 03ක් අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පොල්ගහවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊ‍යේ (15) දින දහවල් කාලයේ පොල්ගහවෙල, යටිගල්ඔළුව ප්‍රදේශයේදී පොල්ගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු කැණීම් උපකරණද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු‍ 50, 53 හා 59 අතර වයස්වල පසුවන පොල්ගහවෙල, නිට්ටඹුව හා දැරණියගල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

පොල්ගහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.