මොරගහහේන, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා කහතුඩුව අන්තර් හුවමාරු ස්ථාන අතර 9.6 ආර් ප්රදේශයේදී අද (16) දින අළුයම ගාල්ල දෙස සිට කඩවත දෙසට ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ රියදුරු ඇතුලු අට දෙනෙකු ගමන් කර ඇත.
අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු, පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු හෝමාගම රෝහලටත්, ළමුන් තිදෙනෙකු කළුබෝවිල රෝහලටත් ඇතුලත් කර ඇති අතර හෝමාගම රෝහලට ඇතුලත් කල එක් කාන්තාවක් මියගොස් තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 35 ක්වූ වීරපාන ප්රදේශයේ පදිංචිකාරියකි.
මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මොරගහහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
