
රුසියාව සහ යුක්රේනය අතර සටනේදී මියගිය සොල්දාදුවන් හුවමාරුවක් දෙරට අතර සිදුකර තිබෙනවා. මෙහිදී සිරුරු 1,000 කට වැඩි සංඛ්‍යාවක් හුවමාරු කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මළ සිරුරුවලින් වැඩි ප්‍රමාණයක් යුක්රේන සොල්දාදුවන්ගේ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. හුවමාරු කරගත් මළසිරුරු අතර රුසියානු සොල්දාදුවන් 24 දෙනෙකුගේ සහ යුක්රේන සෙබලුන්ගේ සිරුරු දහසක් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. 2022 වසරේ පෙබරවාරි මස යුක්රේනය සහ රුසියාව අතර යුද්ධය ආරම්භ වූ දින සිට, දෙපාර්ශ්වය සහයෝගයෙන් ක්‍රියා කළේ සොල්දාදුවන්ගේ සිරුරු ආපසු ගෙන්වා ගැනීම හා සිරකරුවන් හුවමාරු කිරීම යන කරුණුවලදී පමණයි. මළ සිරුරු හුවමාරුව සඳහා ජාත්‍යන්තර රතු කුරුස කමිටුව මැදිහත් වී ක්‍රියා කළා. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ රුසියාවේ ආක්‍රමණයෙන් පසු දෙපාර්ශ්වයේම දස දහස් ගණනක් සොල්දාදුවන් මිය ගොස් ඇති බවයි. කෙසේවුවද, රුසියාව හෝ යුක්රේනය ඔවුන්ගේම තුවාල ලැබූවන් හෝ මියගිය අය පිළිබඳ දත්ත නිතිපතා ප්‍රකාශයට පත් කර නැහැ.