පාදුක්ක – බොරැල්ල මාර්ගයේ ගොඩගම මංසන්ධිය ආසන්නයේදී අද (26) දින උදෑසන ත්‍රී රෝද රථයක් කුඩා ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් ත්‍රී රෝද රථයෙහි ගමන් ගත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කළ බව මීගොඩ පොලිසිය පවසනවා.
ත්‍රී රෝද රථය අතුරුගිරිය දෙස සිට ගොඩගම දෙසට ධාවනය කරමින් සිටියදී ගොඩගම දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සිදුකළ මූලික විමර්ශණයේදී අනාවරණය වී තිබෙනවා.
අනතුරින් ත්‍රී රෝද රථයට දැඩි අලාභ හානි සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය වැඩි දුර පරීක්‍ෂණ පවත්වනවා.
