ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගි වූ ශ්රී ලංකා කණ්ඩයාම, ඊයේ රාත්රී යළි දිවයිනට පැමිණියා.
මූලික වටයේ අපරාජිතව තරග කළ ශ්රී ලංකා කණ්ඩායමට, සුපිරි කණ්ඩායම් 4 වටයෙන් ඉවත් වීමට සිදුවුණා.
මූලික වටයේදී තරග 3 ක් ක්රීඩා කළ ශ්රී ලංකාව, එහිදී බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකොං කණ්ඩයම් පරාජය කරමින් සුපිරි 4 වටයට සුදුසුකම් ලැබුවා.
නමුත් එම වටයේදී තමන් මුහුණදුන් තරග 3 ම පරාජය වීමට ශ්රී ලංකාවට සිදුවුණා.
කෙසේ වෙතත් අවසන් තරගයේදී ඉන්දියාවට ප්රබල තරගයක් දුන් ශ්රී ලංකාව, එම තරගය පරාජයට පත් වුණේ සුපිරි පන්දු වාරයේදී.
මෙවර තරගාවලියේ පළමු ශතකලාභියා වන්නට පැතුම් නිස්සංකට අවස්ථාව හිමිවුණා.
මේ අතර තරගාවලියේ තරග 6 ක් ක්රීඩා කරමින් ලකුණු 261 ක් රැස්කළ පැතුම්, මේ දක්වා එහි වැඩිම ලකුණුලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවනවා.
