බණ්ඩාරගම – පානදුර හොරණ මාර්ගයේ කොතලාවල හන්දිය අසලදී අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ප්‍රවේශ වීමට ගිය යතුරු පැදියක් හොරණ දෙසට ධාවනය වූ මගී බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පැදිකරු බණ්ඩාරගම රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 17 ක් වූ යටියන, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.
මෘත ශරීරය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
