ද. අප්‍රිකානුවන් පාකිස්ථානය දණ ගස්සයි

පකිස්ථානට සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය කඩුලු 8 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

තරගය පැවැත්වුණේ පකිස්ථානයේ රාවල්පින්ඩිහිදී.

පළමුවෙන් පන්දුව‌ෙ පහර දුන් පකිස්ථානය පළමු ඉනිමට ලකුණු 333 ක් රැස් කළා.

දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 404 යි.

අනතුරුව දෙවැනි ඉනිම සදහා පකිස්ථානය රැස් කළ ලකුණු සංඛ්‍යාව 138ක්.

ඒ් අනුව තරගය ජය ගැනීම සදහා දකුනු අප්‍රිකාවට ලකුණු 68 ක ඉලක්කයක් හිමි වුණා‍.

ඔවුන් කඩුලු 2 ක් දැවී ලකුණු 73 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා.