මෙරට අපනයන ආදායම ඉහළට

ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 තුන්වැනි කාර්තුව වන විට ඩොලර් බිලියන 13කට ආසන්න ආදායමක් වාර්තා කළ බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

එය 2024 හා සංසන්දනයේදී සියයට 7 ක වැඩිවීමක්.

2025 සැප්තැම්බර් මාසයේදී පමණක් වෙළෙඳ භා‍ණ්ඩ අපනයන සහ සේවා අපනයන අංශ දෙකම ඇතුළත් සමස්ත අපනයන ආදායම ඩොලර් මිලියන 1500 ට ආසන්න වී තිබෙනවා.

එය 2024 සැප්තැම්බර් මාසයට සාපේක්ෂාව සියයට 12.33 ක වර්ධනයක්.