උ.පෙළ ප්‍රචාරණ කටයුතු හෙට මැදියම් රැයෙන් අවසන්

2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්.ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසනවා.

විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම, මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු හා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සහ ඒවා බෙදා හැරීම තහනම් වනවා.

ලබන 10 වැනිදා සිට දෙසැම්බර් 5 දක්වා මධ්‍යස්ථාන 2362 කදී විභාගය පැවැත්වෙනවා.