
සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සහ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ එම අමාත්‍යාංශයේදී පැවැත්වුණා. මෙහිදී වෛද්‍ය ක්ෂේත්රයේ විශිෂ්ටත්වයේ ප්රමිතීන් පවත්වා ගැනීම සඳහා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගෙන් සංගමයෙන් නව්‍ය යෝජනා මාලාවක් ඉදිරිපත් කර කෙරුණා.
මෙම සාකච්ඡාව සංවිධාන කර තිබුණේ, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ ඉල්ලීම පරිදී. එහිදී සංගමයේ නියෝජිතයින් සිය රාජකාරි ඉටු කිරීමේදී බලපාන වෘත්තිය ගැටලු පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කළා. එමෙන්ම, සිය සේවා සිදු කිරීමේදි රජයේ රෝහල් පද්ධතිය තුළ මෙන්ම, සෞඛ්‍ය ආයතනවල පවතින මානව හා භෞතික සම්පත් ගැටලු පිළිබඳව ද අමාත්‍යවරයාට කරුණු පැහැදිළි කර තිබෙනවා. වෛද්‍යවරුන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන සමග සාකච්ඡා කර කඩිනමින් සහන ලබා දීමට සළකා බලන බව සඳහන් කළා.