මේ වසරේ විශාලතම උල්කාපාත වර්ෂාව අද රාත්‍රී සහ හෙට අළුයම දැක ගත හැකියි.
අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසන්නේ, මෙම උල්කාපාත වර්ෂාව ‘ලියෝ නිඩ්ස්’ ලෙස නම් කර ඇති බවයි.
උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කළ හැක්කේ, සිංහ තාරුකා රාශිය ආශ්‍රිතවයි.
එම නිසා එය ලියෝ නිඩ්ස් උල්කාපාත වර්ෂාව ලෙස නම් කර තිබෙනවා.
අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසන්නේ, මෙය ඉතා දීප්තිමත් ලෙස අහසේ නිරීක්ෂණය වන බවයි.
