මෙක්සිකෝවේ රජයට එරෙහිව දහස් ගණනක පිරිසක් පාරට බහී

මෙක්සිකෝවේ රජයට එරෙහිව දහස් ගණනක පිරිසක් මේ වනවිට විරෝදය පළ කරමින් පෙළ පාලී ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

විරෝධතා අතරතුර හට ගත් ගැටුම්වලින් 120‍ දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සඳහන්.

මෙක්සිකෝව තුළ ඉහළ යමින් පවතින ප්‍රචණ්ඩත්වය හා අපාරාධවලට මෙන්ම දුෂණයට සහ එරට ජනාධිපතිනී “ක්ලෝඩියා ෂයින්බෝම්” ප්‍රමුඛ රජයට එරෙහිව ඊයේ එරට මෙක්සිකෝ සිටි අගනුවර විරෝධතාකරුවන් දහස් ගණනක පිරිසක් පෙළපාලි පැවැත්වුවා.

රාජ්‍ය විරෝධි විරෝධතා අතරතුර ජනතාව සහ පොලිසිය අතර ගැටුම් ද හට ගැණුනා.

එහිදි පොලිස් නිලධාරින් සියයක පමණ පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

සති කිහිපයකට පෙර එරට නගරාධිපතිවරයෙකු ඝාතනය කිරීම ඇතුළු ඉහළ පෙළේ ඝාතනවලට විරෝධය පළ කරන එරට මහජනතාවගෙන් සහය ලබා ගනිමින් මෙක්සිකානු තරුණ ප්‍රජාව විසින් මෙම විරෝධතා රැළි සංවිධානය කර ඇති බව සඳහන්.

එරට නගර රැසක් කේන්ද්‍රකරගනිමින් විරෝධතා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

එරට ජනාධිපති මන්දිරය වෙත කඩා වැදීමට ප්‍රයන්න දැරු විරෝධතාකරුවන්ට පොලිසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාරද එල්ල කර තිබෙනවා.

විරෝධතා අතරතුර සිදුවූ මංකොල්ලකෑම් සහ පහරදීම් ඇතුළු අපාරධ සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මෙක්සිකානු ආරක්ෂක අංශ පවසනවා.