පකිස්තානයේ පැවැත්වෙන 20 – 20 ක්රිකට් තරගාවලියේ සහභාගි වූ දෙවන තරගයෙන් ද පරාජයට පත් වීමට ශ්රී ලංකා කණ්ඩායමට ඊයේ සිදුවුණා.
ශ්රී ලංකාව, පකිස්තානය සමග පැවති තරගය පරාජයට පත් වුණේ කඩුලු 7 කින්.
රාවල්පිණ්ඩි හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකාව පන්දු වාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 128 ක් රැස්කළා.
ජනිත් ලියනගේ නොදැවී ලකුණු 41 යි. කුසල් පෙරේරා ලකුණු 25 ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී මොහොමඩ් නවාස් කඩුලු 3 යි. පිළිතුරු ලෙස පකිස්තානය තරගය ජයගත්තේ පන්දු වාර 15 යි, පන්දු 3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 131 ක් රැස්කරමින්.
ශහීබ් සාඩා ෆර්හාන් නොදැවී ලකුණු 80 යි. පන්දු 45 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට, 4 පහර 6 ක් සහ 6 පහර 5 ක් ඇතුළත්.
තරගයෙන් පකිස්තානය ජයගත්තේ කඩුලු 7 කින්.
