වියට්නාමයේ දරුණු ගංවතුරට 90ක් බිලි

වියට්නාමයට බලපා ඇති දරුණු ගංවතුර තත්වයෙන් මියගිය පිරිස මේ වනවිට 90 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වියට්නාම පරිසර අමාත්‍යාංශය කියා සිටියේ එරට කඳුකර ඩක්ලක් මධ්‍යම පළාතෙන් බොහෝ මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.

වියට්නාමයට මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණය හමුවේ පුද්ගලයින් 12 දෙනෙකු තවමත් අතුරුදන් බව එරට පරිසර අමාත්‍යාංශය පවසනවා.

ඇතැම් ප්‍රදේශවලට අඛණ්ඩව ධාරාණිපාත වැසි ඇඳහැලෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඉකුත් මාසයේ සිට එරට දකුණු සහ මධ්‍යම කලාප වලට ඇදහැලෙමින් පවතින අධික වර්ෂාවත් සමග හට ගත් දැඩි ගංවතුර තත්වය හේතුවෙන් සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්ත කිහිපයකට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බව සඳහන්.

ප්‍රදේශ රැසක නාය යෑම්ද සිදු ඇති බව වියට්නාම පරිසර අමාත්‍යාංශය සඳහන් කළා. නිවාස දස දහසක පමණ සංඛ්‍යාවක් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.