පළමුවරට පැවති දෘෂ්‍යාබාධිත 20-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දියාව අද සමත් වුණා. ඒ, අවසන් තරගයේදී නේපාලය පරාජය කරමින්.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් තරගාවලිය පසුගිය 11 වැනිදා ආරම්භ කෙරුණා.
ඒ, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, නේපාලය, ඔස්ට්‍රේලියාව සහ අමෙරිකාවේ සහභාගීත්වයෙන්.
අවසන් තරගයට සුදුසුකම් ලබා තිබුණේ, නේපාලය සහ ඉන්දියාවයි. කොළඹ, පී සරා ඕවල් ක්‍රීඩාංගනයේදී අද පැවති අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාලය, පන්දුවාර 20 ඇතුළත කඩුලු 05ක් දැවී ලකුණු 114ක් රැස් කළා.
පිළිතුරු ලෙස ඉන්දියාව තරගය පහසුවෙන් ජයගත්තේ, පන්දුවාර 12යි, පන්දුවකදී කඩුලු 3ක් දැවී ලකුණු 117ක් රැස් කරමින්.
ඒ අනුව, ශූරතාව හිමිකරගැනීමට ඉන්දියාව සමත් වුණා.
තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්වුණේ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්, සන්තෝෂ් ජා, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් කුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ගිහාන් ද සිල්වා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්.
තරගාවලියේ අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන හිමිකරගත්තේ, ඉන්දියාවේ පූලා සාරන්.
බී 1 කාණ්ඩයේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නේපාලයේ ශුෂ්මා මමාන් ක්‍රීඩිකාව සම්මාන හිමිකරගත්තා.
බී 2 කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන හිමිවූයේ, නේපාලයේ මරේෂි චෞද්රිට. පාකිස්තාන ක්‍රීඩිකා මෙහෙරින් අලි බී 3 කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාවයි.
