නැගී එන ආසියානු කුසලාන 20-20 ශූරතාවය පාකිස්ථාන ඒ කණ්ඩායමට

නැගී එන ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට පකිස්ථාන ඒ කණ්ඩායම සමත් වුණා.

ඒ, අවසන් තරගයේදී බංග්ලාදේශ ඒ කණ්ඩායම පරාජය කරමින්.

දෝහාකටාර්හි පැවැති තරගාවලියේ අවසන් තරගය ඊයේ පැවැත්වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන ඒ කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 125 ක් රැස්ු කළා. ශාන් මසූඩ් ලකුණු 38 යි.

පන්දු යැවීමේදී රිෆෝන් මොන්ඩෝල් කඩුලු 3 ක් සහ රකිබුල් හසන් කඩුලු 2 ක් බිඳහෙලුවා.

පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 ඇතුළත කඩුලු 9 ක් දැවී ලකුණු 125 ක් රැස් කළා. වැඩිම ලකුණු ලාභියා වූ හබිබර් රහමාන් ලකුණු 26 යි.

පන්දු යැවීමේදී සුෆියන් මකීම් කඩුලු 3 ක් බිදහෙලුවා.

දෙපිලේම ලකුණු සම වීම හේතුවෙන් ජය පරාජය තීරණය කිරීමට සුපිරි පන්දුවාරය බැගින් ලබා දුන්නා.

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ඒ කණ්ඩායම ලකුණු 6 ක් රැස් කළා.

පකිස්ථාන ඒ කණ්ඩායම පන්දු 4 කදී ලකුණු 7 ක් රැස් කරමින්, අවසන් තරගය ජය ගැනීමට සමත් වුණා.

ඒ අනුව, නැගී එන ආසියානු ක්‍රිකට් කරුළ පකිස්ථාන ඒ කණ්ඩායම සතු කර ගත්තා.