
ඉතාලියේ සහ ශ්‍රී ලංකාව අතර, රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. වසර 6 කට අඩු කාලයක් ඉතාලියේ පදිංචිව සිටින සහ ඉතාලි පදිංචිය ලබා ගැනීමට පෙර ලබා ගත් ශ්‍රී ලාංකික වලංගු රියදුරු බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකිකයන්ට රියදුරු බලපත්‍ර පරිවර්ථනය කිරීම මගින් ඉතාලි රියදුරු බලපත්‍රයක් ලබාගැනීම සහ ශ්‍රී ලංකාවේ පදිංචි ඉතාලි ජාතියන්ට සිය වලංගු ඉතාලි රියදුරු බලපත්‍ර ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍ර බවට බලාත්මක කර ගැනීම සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම එම ගිවිසුමේ විධි විධානයි. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම සඳහා වන යෝජනාව අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.