දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේ ඊයේ (09) දින රාත්‍රියේ යතුරුපැදියක් සහ වෑන් රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනෙකු මිය ගොස් වෑන් රථයේ රියදුරු තුවාල ලබා ඇතිබව සීගිරිය පොලිසිය පවසනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ දිගම්පතහා ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරන සේවකයන් දෙදෙනෙකු බවත් දඹුල්ල සහ තනමල්විල ප්‍රදේශ පදිංචිකරුවන් බවත් පොලිසිය සඳහන් කළා.
වෑන් රථය දඹුල්ල සිට හබරණ දෙසට ධාවනය වෙමින් තිබී ඇති අතර හබරණ දෙසින් දඹුල්ල දෙසට යතුරුපැදිය ධාවනය වෙමින් තිබියදී තවත් වාහනයකට ඉස්සර කිරීම සඳහා යාමේදී මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.
කෙසේ වෙතත් අනතුර සිදුවූ ආකාරය පිළිබඳව නිශ්චිතව අනාවරණය කර ගැනීමට නොහැකි බවත් අනතුරත් සමඟ මියගිය තරුණියන් දෙදෙනා මාර්ගයෙන් බොහෝ දුරක් ඉවතට පැන වැටී තිබුණු බවද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 18ක් වන දඹුල්ල රත්මල්ගහඇල සහ තනමල්විල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
මියගිය තරුණයන් සංචාරක හෝටලයේ සේවය කරමින් සිටියදී රෝගියෙකු බැලීම සඳහා දඹුල්ල රෝහලට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
