යුරෝපීය සංචාරකයින් 1900 ක් රැගත් නෞකාවක් හම්බන්තොට වරායට

මෙරට සංචාරක ගමනාන්තයක් ලෙස සලකමින් යුරෝපීය සංචාරකයින් 1900 ක් රැගත් සංචාරක මගි නෞකාවක් (12) හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණ තිබෙනවා.

තායිලන්තයේ Phuket වරායේ සිට ඉතාලි ධජය යටතේ ලියාපදිංචි කර ඇති Aidadiva (imo-9334856) නැමැති මගී ප්‍රවාහන නෞකාව තුල සංචාරක මගීන් 1947ක් හා 640ක කාර්යය මණ්ඩලයක් පැමිණ ඇත.

හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් ගොඩ බසින සංචාරකයින් හම්බන්තොට, අම්බලන්තොට, උඩවලව, තිස්සමහාරාම, යාල, උඩවලව වැනි ආසන්න ස්ථානවල සංචාරය කර නැවත එදිනම කොළඹ වරාය වෙත පිටත්ව යෑමට නියමිත අතර එහි මෙරට සේවා සපයන්නා ලෙස Aitken Speznce Shipping සමාගම කටයුතු කරනු ලබනවා.