ටෙහෙරාන් අහසේ සිදුවූ ඉතිහාසගත සිදුවීම

ඊශ්‍රායලයේ F-35I “Adir” ප්‍රහාරක යානයක් විසින් ඉරාන අගනුවර වන ටෙහෙරාන් අහසේදී ඉරාන Yak-130 වර්ගයේ යානයක් බිම හෙළා ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ නිල වශයෙන් තහවුරු කරනවා.

මෙය ලොව පස්වන පරම්පරාවේ ස්ටෙල්ත් (Stealth) ප්‍රහාරක යානයක් විසින් මිනිසුන් සහිත සතුරු ගුවන් යානයක් බිම හෙළූ ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වන බව ද වාර්තා වනවා.

“Operation Roaring Lion” මෙහෙයුම යටතේ ඊශ්‍රායලය ඉරානය තුළ සිදුකරන දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් අතරතුර මෙම ගුවන් සටන සිදුවී ඇති අතර, රුසියානු තාක්ෂණයෙන් නිපදවූ ඉරාන යානය එහිදී සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

මෙම ප්‍රහාරයේදී ඊශ්‍රායල F-35I යානයට කිසිදු හානියක් සිදුවී නොමැති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරනවා.