රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු උදෙසා රුපියල් මිලියන 20,000 ක පමණ ආයෝජනයක්.
උතුරු මැද පළාතේ මෙරට විශාලතම දිස්ත්‍රික්කයේ පිහිටි මෙන්ම මෙරට තුන්වන විශාලතම තෘතීයික සත්කාර රෝහල වන අනුරාධපුර ශික්ෂණ රෝහලේ කළමනාකරණ රැස්වීම – 2026 (Management Committee Meeting) සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නිවාස ඉඩම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (10) අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහිදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා මෙම කරුණු අනාවරණය කරන ලදි.
ඉදිරි වසර කිහිපය තුළ ලොකුම වැඩබිම ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහල පත්වන බවත්, රෝහලේ නාම පුවරුව වෙනස් කරන්නේ රෝහලේ ගොඩනැගිලි සැළසුම් සහගත වැඩපිළිවෙළකට ගොඩනැගීමෙන් අනතුරුව, රෝහලට අවශ්‍ය සියළු සම්පත් ලබාදීමෙන් අනතුරුව බව මෙහිදි පැවසු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා රජයේ පාලන කාලය තුළ රෝහල් 05 ක පමණ නාම පුවරු අවශ්‍යතාව අනුව වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව ද ඉන් එක් රෝහලක් ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහල පෙන්වා දිය හැකි බව ද පැවැසීය.
සැළසුම් සහගත වැඩපිළිවෙලක් තුළ අනුරාධපුර ශික්ෂණ රෝහල සංවර්ධනය කිරීමේ දී වසරින් වසර රෝහල පසු කළ යුතු කඩයිම පිළිඳව ද ඉළක්කගත වැඩපිළිවෙළක් වන බවත් රෝහලක නමක් වෙනස් කිරීමේ දී ගැඹුරින් සැළකිළිමත් වන බවත් පැවැසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය සමයේ දිවයිනේ විවිධ රෝහල්වල අවිධිමත්ව සිදු කළ රෝහල් ඉදිකිරිම් වල අවශ්‍යතාවයන් පිළිබඳ කරුණු සොයා බලා සමහර ඉදිකිරීම් සිදු කිරිමටත්, තවත් සමහර ඉදිකිරිම් සීමා කිරිමටත්, සමහර ඉදිකිරීම් සිදු නොකිරීමටත් කටයුතු කළ බව ද වැඩිදුරටත් පැවැසීය.
#SLRC#RupavahiniNews#Rupavahini
රජයේ රෝහල් පද්ධතිය තුළින් ලබාදෙනු ලබන රෝගී සත්කාර සේවාවන් වඩාත් විධිමත්ව හා ඉහළ පහසුකම් වලින් සමන්විතව ජනතාව වෙත ලබාදීම සඳහා පවතින අඩුපාඩු සොයා බලා ඒවාට කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණ පෙරදැරිව මෙම රෝහල් කළමණාකරණ කමිටු රැස්වීම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ගේ ද සහභාගීත්වය ඇතිව පවත්වනු ලබයි.
