QR ලියාපදිංචියට WhatsApp අංකයක්

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ඛේතය ලබා ගැනීම සදහා ලියාපදිංචි කිරීමට සහයක් ලෙස විශේෂ WhatsApp අංකයක් හඳුන්වාදීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

ඒ අනූව ලිංයාපදිංචි වීමේදී ගැටලු පවතින පුද්ගලයින්ට 076 000 19 19 යන WhatsApp අංකය වෙත වාහනයේ අංකය යොමු කිරීමෙන් පවතින ගැටළු නිරාකරණය කර ගත හැකියි.

ඒ සමගම ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රයේ ඡායාරූපයක් වලංගු ආදායම් බලපත්‍රය සහ වාහන ලියාපදිංචි සහතිකය ද යොමු කර යුතුවනවා.

මේ සඳහා ඉල්ලුම් කිරීමට වාහනයේ ලියාපදිංචි හිමිකරු පමණක් සුදුසුකම් ලබන අතර ලබා දෙන සියලුම තොරතුරු සහ පෞද්ගලික දත්ත, 2022 අංක 9 දරණ පෞද්ගලික ආරක්ෂන පනතට අනුකූලව ආරක්ෂා කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරනවා.

මේ අතර QR කේතය සම්බන්ධයෙන් ජනතාවට පැන නැගී ඇති ගැටලු විසඳාගෙන අද සිට ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන ලෙස ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය ජනතාවට දැනුම්දෙනවා.