නීති විරෝධීව ඉන්ධන රැස්කළ 3කට වැඩ වරදියි

බලපත්‍ර නොමැතිව ඉන්ධන තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (26) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මීගමුව කලපුවේ ධීවර යාත්‍රාවක් තුල බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 1050 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 57 ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම ඊයේ (26) දින සවස පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ සුදන්දිරපුරම් ප්‍රදේශයේදී පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර  බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 562 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 36 ක් වන උඩයාර්කට්ටු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හිගුරක්ගොඩ පොලිස් වසමේ යාය 07 ප්‍රදේශයේදී හිඟුරක්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැතිව භූමිතෙල් ලීටර් 1995 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 36 ක් වන ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සිද්ධි සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.