ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් අග්‍රාමාත්‍ය කාර්යාලයට

ශ්‍රී ලංකාව සඳහා නම් කරන ලද රාජතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් සමග හමුවක් ඊයේ (26) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා.

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස නම් කරන ලද දර්ශන එම්. පෙරේරා, ඔස්ට්‍රියාව සඳහා ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත ලෙස නම් කරන ලද දයානි මෙන්ඩිස්, ඉතියෝපියාව සහ අප්‍රිකානු සංගමය සඳහා ශ්‍රී ලංකා තානාපති ලෙස නම් කරන ලද එන්.අයි.ඩී. පරණවිතාන, ඉරානය සඳහා ශ්‍රී ලංකා තානාපති ලෙස නම් කරන ලද මහාචාර්ය එම්.අයි. ෆසීහා අස්මි, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස නම් කරන ලද සමන් කුමාර චන්ද්‍රසිරි, සහ පලස්තීනය සඳහා ශ්‍රී ලංකා නියෝජිත ලෙස නම් කරන ලද එම්. ෆාරුක් එම්. ෆවුසර් යන මහත්ම මහත්මීන් මෙම රාජතාන්ත්‍රික දූත පිරිසට ඇතුළත්ව තිබෙනවා.