හැඳුනුම්පත් නිකුත් කිරීමේ පද්ධතිය යථා තත්ත්වයට

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු, සේවා ලබාගැනීමට නොහැකි වූ ජනතාව වෙනුවෙන් පහත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

1. එක්දින සේවාව ලබාගැනීමට නොහැකි වූවන් සඳහා විශේෂ දිනයක්

පද්ධතියේ දෝෂය හේතුවෙන් 2026 මාර්තු 23 (සඳුදා), 24 (අඟහරුවාදා) සහ 26 (බ්‍රහස්පතින්දා) යන දිනවල බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක්:

විශේෂ දිනය: 2026 මාර්තු 30 (සඳුදා)

ස්ථානය: බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ අදාළ පළාත් කාර්යාල

අවශ්‍යතාවය: එදිනට අදාළ සියලු ලේඛන රැගෙන පැමිණ හැඳුනුම්පත් ලබාගත හැක.

2. සාමාන්‍ය එක්දින සේවාව ආරම්භ කිරීම

2026 මාර්තු 31 (අඟහරුවාදා) දින සිට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලවල සාමාන්‍ය පරිදි එක්දින සේවාව ක්‍රියාත්මක වේ.