වසර 53කට පසු සඳ කරා යන ඓතිහාසික ගමන ඇරඹෙයි

වසර 53කට පසුව සිදුවන පළමු මානව චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම ලෙස “Artemis II “ යානය අද අලුයම සාර්ථකව ගමන් ආරම්භ කර තිබෙනවා.

ගඟනගාමීන් සිව්දෙනෙකුගෙන් සමන්විත මෙම මෙහෙයුම ෆ්ලෝරිඩාවේ කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ආරම්භ වූ අතර එය දින 10ක කාලයක් සඳ ආසන්නයේ ගවේෂණ කටයුතුවල නිරත වීමට නියමිතයි.

මෙම යානය සිය ගමන් මාර්ගයේදී පෘථිවියේ සිට කිලෝමීටර් ලක්ෂ ගණනක් ඈතට විහිදෙන අතිශය දුෂ්කර මෙන්ම දීර්ඝතම මානව අභ්‍යවකාශ චාරිකාවක නිරත වීමට සැලසුම් කර තිබෙනවා.