නීතියේ රැහැනට හසුවූ ඝාතකයින් 4කට මරණීය දණ්ඩනය

මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් නුවරඑළිය මහාධිකරණයේ දීර්ඝ කාලයක් විභාග වෙමින් තිබූ නඩු තුනකට අදාළ විත්තකරුවන්ට නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් විරසුරිය මහතා විසින් (02) දින මරණ දඩුවම නියම කළා.

1998 නානුඔය පොලිස් වසමේ දික්ඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පුද්ගලයෙකුව ඝාතනය කිරිම සම්බන්ධයෙන් පැවති නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළේය.

2019 වසරේ පට්ටිපොළ පොලිස් වසමේ තම මව, බිරිද සහ දරුවා ඝාතනය කිරිම සම්බන්ධයෙන් වරදකරු වූ 55 හැවිරිදි චූදිතයාට මරණ දඩුවම නියම කරනු ලැබුවා.

මෙම නඩු දෙකම නානුඔය පොලිසියේ පො.සැ.සුරංග (67946) නිළධාරියා මෙම නඩුව පවත්වාගෙන යන ලදී.

1990 වසරේ බගවන්තලාව පොලිස් වසමේ මොහොම්මඩ් සුමන් නැමති පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරිම සම්බන්ධයෙන් වැරදිකරු වූ බගවන්තලාව ප්‍රදේශයේම පදිංචි 64 හැවිරිදි සහ 62 හැවිරිදි චූදිතයන් දෙදෙනෙකුට මරණ දඩුවම නියම කරනු ලැබීය.