කෝටි 25ක කුෂ් ජාවාරමක් රේගුව වටලයි

රුපියල් කෝටි 25කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් ‍තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින්.

මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවර සිට සයිලන්සර් 16ක් තුළ සූක්ෂම ලෙස සඟවාගෙන මෙරටට ගෙනවිත් ඇති බවයි, අප වාර්තාකරු සඳහන් කළේ.

ඒවා තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 25යි ග්‍රෑම් 500ක් සොයාගෙන තිබෙනවා.

සැකකරු 38 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ඔහු සයිලන්සර් සාදන අයෙකු බවයි, රේගු නිලධාරීන් සඳහන් කළේ.

වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් ‍තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත බාරදී තිබෙනවා.