හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශිකයෙකු ඇතුළු තිදෙනෙකු වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (06) වත්තල පොලිස් වසමේ ආසිරි උයන ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කෙරුණා.
එහිදී සොයාගත් හෑෂ් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 05 යි, ග්‍රෑම් 137 ක් සහ මිලිග්‍රෑම් 100 ක්. මෙම මත්ද්‍රව්‍ය තොගය ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු, ඒ සඳහා ආධාර අනුබල දුන් සැකකාරියක් සහ මෙම මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ආ බව කියන විදේශිකයෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 34ක් හා සැකකාරිය අවුරුදු 28ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර විදේශිකයා අවුරුදු 50ක් වන කැනේඩියානු ජාතිකයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
