අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර තීරණාත්මක සාම සාකච්ඡා පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරදී ආරම්භ වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ව පවතිනවා.

දෙපාර්ශ්වය හමුවීමට නියමිත පකිස්තානයේ ඉස්ලාමාබාද් හි සෙරීනා හෝටල් සංකීර්ණය වෙත දැඩි ආරක්ෂක විධිවිධාන යොදවා තිබෙනවා. මෙම සාකච්ඡා වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවසර ලබාදී ඇත්තේ ජින්වා සම්මේලන ශාලාවේ සිටයි. පකිස්තානයට පැමිණි ඉරාන සහ අමෙරිකානු නියෝජිත පිරිසද අද වෙන් වෙන්ව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශබාෂ් ෂරීෆ් හමුවුණා. සාකච්ඡා පැවැත්වෙන ආකාරය සහ කාලවකවානු පිළිබඳව අවසන් තීරණය ගනු ලබන්නේ එහිදී ඇති වන එකඟතා අනුවයි.