ඇමෙරිකාව සමග පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය කර ගැනීමේ එකඟතාවයක කොටසක් ලෙස හෝමූස් සමුද්‍ර සන්ධියේ ඕමාන් පාර්ශවයට අයත් මුහුදු තීරය හරහා නෞකාවලට නිදහසේ ගමන් කිරීමට ඉඩ ලබාදීම කෙරෙහි ඉරානයේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සහ කළ තවත් නෞකාවක් ආපසු හරවා යැවීමට ඇමෙරිකා නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබෙනවා. මෙලෙස ආපසු හරවා යවා ඇති නෞකාව ඉරාන ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සාමාන්‍ය නාවික ගමනාගමනය යළි ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස චීන විදේශ අමාත්‍ය වැන්ග් යී, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරච්චිගෙන් දුරකතන ඇමතුමක් හරහා ඉල්ලා සිටි බව චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය කර සාමය සඳහා එකඟතාවකට පැමිණිම වෙනුවෙන් සති දෙකක කාලයකට සටන් විරාමයක් දීර්ඝ කිරිම කෙරෙහි අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සාම සාකච්ඡා සඳහා වැඩි කාලයක් ලබා ගැනීමේ අරමුණින් මෙම පියවර ගැනීමට දෙපාර්ශවයම සලකා බලමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් පරස්පර ප්‍රකාශයක් සිදුකර ඇති අතර, ඔහු අවධාරණය කරන්නේ ඉරානය සමග එවැනි සටන් විරාමයක් දීර්ඝ කිරීම පිළිබඳව තමන් මෙතෙක් සලකා බලා නොමැති බවයි.
