පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්

පරිගණක පද්ධතියේ ඇතිවූ හදිසි බිඳ වැටීම යථාවත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බව පුද්ගලයන් ලියපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

හදිසි බිඳ වැටීම යථාවත් කරමින් සිටින බැවින් හෙට (17) දින පුද්ගලයන් ලියපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා