ලංගමයට මුදල් ගෙවීම කාඩ් ක්‍රමවේදයට සියල්ලම සූදානම්

 මහජනතාවට සුරක්ෂිත හා සුඛෝපභෝගී ගමණාගනයක් ලබා දීම මෙන්ම ගෙවීම් විදිමත් කිරීමේ අරමුණින් මුදල් ගෙවීම කඩ්පත් මගින් ඉදිරි මාස 05ක් තුළ ක්‍රියාත්මක කරන බවත් සෑම ගමකම අස්සක් මුල්ලක් නෑර එය ව්‍යාප්ත කරන බවත් ශ්‍රී ලංකා ගමණාගන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා අද (16) දා මාතර කොළඹ බලා යන මගීන්ගේ ගමණාගන පහසුකම් පිළිබඳව සොයා බැලීමට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්  කළ ප්‍රශ්න කිරීම හමුවේ කීය.

      ලංගම සභාපතිවරයා සමග රුහුණු ප්‍රාදේශීක කලමනාකරු උපුල් චන්දන ඇතුළු ලංගම මාතර හා අකුරැස්ස ඩිපෝ කළමනාකරුවෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

          සිය ගමනාගමනයට වටිනා ප්‍රවේශ පත්‍රයක් මිළදී ගනීම මගී ජනතාවගේ යුතුකම බව පෙන්වා දෙන සභාපතිවරයා ඒ මගින් බස්රථවල සිදුවන වංචා දූෂණ අවම කිරීමට හැකි බවත් පෙන්වා දුන්නා.

  ලංගම ඩිජිටල්කරණය ඇතුළු පොදු ප්‍රවාහන සේවයේ වෙනස්වීම් දැක ගැනීමට ලාංකිකයන්ට ඉදිරි වසර තුන තුළ හැකිවන බවත් නව අලුත් අවුරුදු කාලයේ බලාපොරොත්තුවක් තැබීමත් සුවිශේෂී කරුණක්.

        කොළඹින් පිටපළාත්වලට මගීන් ප්‍රවාහනය මෙන්ම අද වන විට සෑම ප්‍රාදේශීකයකින්ම කොළඹට ගෙන්වා ගැනීමට කාර්යාලයෙන් බැහැරව මුළු පරිපාලන පද්ධතිය පාරට බැස විනිවිද හා විනයක් ඇති පිරිසක් බිහි කිරීමට නායකත්වය සිට පියවර ගෙන ඇති බවත් මනා කළමණාරිත්වය හා විනය නිසා වැඩිම ලාභයක් වාර්තා කිරීමට හැකි වී ඈතැයි සභාපතිවරයා පෙන්වා දුන්නා. මගී ප්‍රවාහන බස් රථවල ජීපීඑස් සවි කිරීම හා ඩිජිටල් කරණයේ ඉකුත් දශකයන්වල ප්‍රමාදය ගැනත් මනා පැහැදිලි කිරීමක් සිදු කළා.