2026 ගෙවුණු අවුරුදු සමයේ අප්‍රේල් 10 සිට 15 දක්වා කාලය තුළ දිවයින පුරා සිදුවූ මාර්ග රිය අනතුරු 42කින් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරනවා.
පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, අප්‍රේල් 13, 14 සහ 15 යන දිනවල පමණක් අනතුරු 19ක් වාර්තා වී ඇති අතර, එම අනතුරු වලින් 19 දෙනෙකු මියගොස් ඇති බවයි.
වාහන වර්ග අනුව අනතුරු විශ්ලේෂණය කිරීමේදී යතුරුපැදි අනතුරු 16ක් ලෙස ඉහළම සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ත්‍රිරෝද රථ 4ක්, වෑන් රථ 4ක්, මෝටර් රථ 2ක්, කැබ් රථ 2ක්, පාපැදි 2ක් සහ හප්පා පලායෑම් සිද්ධියක් ද ඇතුළත් බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.
එමෙන්ම 2025 වසරේ අවුරුදු දින තුන තුළ අනතුරු 25ක් සහ මරණ 26ක් වාර්තා වූ අතර, මේ වසරේ එම සංඛ්‍යාව 19 දක්වා පහළ බැස ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.
මෙම අනතුරු සඳහා ප්‍රධාන හේතුව ලෙස බීමත්ව රිය පැදවීම හඳුනාගෙන ඇති බවයි පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ
