යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය මෙන්ම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය එක්ව තරුණ සංවර්ධනය පිළිබඳ පළමු ජාතික පර්යේෂණ සමුළුව සඳහා සම සත්කාරකත්වය දැරීමට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා.
මෙරට තරුණ කේන්ද්‍රීය පර්යේෂණ සහ ප්‍රතිපත්ති සංවාදය ඉදිරියට ගෙන යාම සදහා වැදගත් පියවරක් තබමින් මෙසේ ගිවිසුම්ගතවීම සිදුවුණා.
යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී එම් සී තිලකරත්න යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තැබුවා.
ලබන සැප්තැම්බර් 16 හා 17 යන දිනවල රත්මලාන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ දී තරුණ සමුළුව පැවැත්වීමට නියමිතයි.
