‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහනේ 2026 වර්ෂය සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම සහ පසුගිය වර්ෂයේ ප්‍රගතිය සොයා බැලීමේ සාකච්ඡාවකට ජනපති අනුර කුමාර දිසානායක මහතා එක්වුණා.
ඒ අද (17) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන යටතේ 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති ජනතාවට වඩාත් සමීප වන අයුරින් සංවිධානය විය යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළා.
හුදෙක් රාජ්‍ය ව්‍යාපෘතියකට පමණක් සීමා නොවී මහජනතාවට වඩාත් සමීප ව්‍යාපෘති තුළින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන තවදුරටත් ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාවයි මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ.
තවද පසුගිය වසරේ ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කරන ලද අතර ඉදිරි වර්ෂය සඳහා වන ඉලක්ක සපුරා ගැනීම සඳහා අදාළ පාර්ශ්ව සම්බන්ධ කරගනිමින් කටයුතු කරන ආකාරය පිළිබඳව ද සාකච්ඡා කළා.
