ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ‘Walk For Peace’ සාම පාගමන අද (22) දඹුල්ලෙන් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
සාම පාගමන ලබන 28 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව එය පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
අද උදෑසන 6.30ට මෙම සාම පා ගමන ආරම්භවීමට නියමිතයි.
අතිපූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබාගන්නා ලද බෝධි අංකුරයක් ද සමග මෙම පාගමනේ වැඩම කෙරෙනවා.
ඒ අනුව වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ ඊයේ (21) දින දිවයිනට ළඟා වුණා.
මෙම සාම පා ගමන සඳහා “ආලෝකා” නැමැති සුනඛයාද භික්ෂූන් වහන්සේ සමඟ එක්ව සිටී.
