වරාය අවහිරයට ඉරානයෙන් දරුණු පිළිතුරක්

ඉරාන නියෝජිතයින් ඒකාබද්ධ යෝජනාවලියක් ඉදිරිපත් කරන තෙක් සටන් විරාමය බලපැවැත්වෙනු ඇති.

එතෙක් එරට වරායන් අවහිර කිරීමටත් සියලු හමුදා කටයුතු සීරුවෙන් තැබීමටත් ආරක්ෂක අංශ වෙත උපදෙස් දී ඇති බව ජනාධිපතිවරයා කියා සිටිනවා.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්‍රචි දැඩි ස්ථාවරයක පසුවන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ඉරාන වරායන් අවහිර කරමින් අමෙරිකාව ත්‍රියාත්මක කරන සම්බාධක පවත්වාගෙන යාම යුධ ප්‍රකාශ කිරීමක් බඳු ක්‍රියාවක් බවත්, එය සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් ලෙස තමන් සලකන බවත් විදේශ අමාත්‍යවරයා අවධාරණය කරනවා.